Skip to content

Binance Futures Trading Tutorials | හරියට කලොත් සල්ලි මවන සල්ලි ගස

ඔන්න එහෙනම් පසුගිය ප්‍රධාන ලිපි දෙකෙන් ඔබ Binance Trading පිලිබද මූලික දැනුම ලබා ගත්තා. ඒ අනුව ඔබ Trade කලා නම් කාලයත් සමග Cryptocurrency ගැන, වෙළදපල ගැන ඉතා හොද දැනුමත් ඔබට ලබා ගත හැකි වෙනවා. අන්න ඒ දැනුම මේ Binance Futures Trading වලදි ඔබට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. මෙම Trading ක්‍රමය හරහා අනෙත් Trading ත්‍රම දෙකටම වඩා අති විශාල ලාභයක් ලබා ගනීමේ හැකියාව තිබෙනවා. ඒ වාගේම තමා Spot Trading සහ Margin Trading වලට වඩා අවදානමත් ඉතා වැඩියි. අන්න ඒ නිසා තමා Cryptocurrency වෙළදපල ඉතා හොද දැනුමත් අවශ්‍යයි කියල කලින් කිව්වෙ. Coin එක මිළ වැඩි වන විට මෙන්ම  අඩු වන විටද අධික ලාභ ලැබිය හැකි නිසා Binance Futures Trading දැන් Crypto Trade කරන පිරිස අතර ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ ලිපිය බලන ඔයා තාමත් Binance එකේ Register වෙලා පසුගිය ලිපි බලල නැත්නම්. පහලින් Learn Binance Button එකෙන් Register වෙලා ඒ ලිපි ටික බලල එන්න.

හරි දැන් අපි මුලින්ම බලමු ඇයි මෙච්චර Binance Futures Trading මෙච්චර ජනප්‍රිය කියල. මෙම Trading ක්‍රමය වේගයෙන් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව තමා, කුඩා ආයෝජනයකින් අධික ලාභයක් නැතිනම් ලොකු මුදලක් සෙවීමට ඇති හැකියාව. බලන්න පහල තියෙන Screenshots ටික. එතකොට ඔයාලට තේරුම් ගන්න පුලුවන් හරි විදිහට හරි වෙලාවට Binance Futures Trading කලොත් ලබා ගත හැකි ලාභය ගැන.

ඉතින් මම කලින් කිවිවා වගේම ඉතා කුඩා ආයෝජනයක සිටිමින් වැඩි ලාභයක් ඉපයීමේ හැකියාවත් Binance Fetures Trading හරහා අපට ලැබෙනවා. ඉතින් මෙතනදිත් අපි මුලින්ම අපි අවබෝධ කල ගත යුතුයි Fetures Trading වලදි මොකද වෙන්නෙ කියන එක. ඇත්තටම බැලුවොත් Fetures Trading වලදි වෙන්නෙත් Margin Trading වලදි වෙව්ච දේම නමා. Margin Trading වලදි අපට ලැබෙන්නේ උපරම දස ගුණයක්(x10) දක්වා වූ ණයක් නමුත් Fetures Trading වලදි අපට එකසිය විසි පස් ගුණයක්(x125) දක්වා Borrow කරන්න පුලුවන්. නමුත් Margin Trading වගේ මුලින් ණය අරගෙන Coin මිළදී ගන්නවා වගේ දෙයක් වෙන්නේ නෑ. ඒ සියලු දේ අපි Trade එකක් Open කරපු ගමන් Automatically ඒ සියලු දේ වෙනවා. ඉතින් මේ ලිපියෙ අවසාන වෙද්දි ඔයාලට මේක තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මීලගට පහල තියෙන Video එක බලල මේ Fetures Trading වල මූලික දෙවල් ටික තේරුම් ගමු. 

ඔයාලට මේ Video එක හරහා ඉතා හොද අවබෝධයක් Binance Futures Trading ගැන ලැබෙන්න ඇති. ඉතින් මීළගට අපි බලමු App එක හරහා Futures Trade එකක් සිදු කරන ආකාරය. ඒ වගේම තමා Futures Trading තරද්දි අපි වඩාත් සැලකිලිමත් විය යුතු වගේම තදින්ම සිතට ගත යුතු කරුණු කීපයක් ගැන මීළගට කතා කරමු.

ඔයාල App එකෙන් Trade කලත් මේ ලිපියේ උඩින් දාපු Video එක අනිවාර්යෙන් බලන්න. මොකද Fetures Trading වල මූලික දේවල් ටික ඒ Video එක හරහා කතා කරනවා. හරි දැන් අපි App එකේ Binance Trade කරන ආකාරය ගැන කතා තරමු. මුලින්ම ඔයාලගෙ App එකේ ඉහළ රූපයේ පළමු Screenshot එකේ තියෙන විදිහට පහල Menu එකේ Markets තෝරා ඉහළ කොටසේ Futures තෝරන්න. එතකොට ඔයාලට Futures  Trading කරන්න පුලුවන් Cryptocurrency ටික ඔයාලට බලා ගන්න පුලුවන්. ඒ වගේම Trade කරන්න කලින් අපි Futures Trading Wallet එකට USDT Transfer කර ගත යුතුයි. ඒ සදහා තුන් වන සහ හතර වන Screenshot වල පරිදි Wallet යටතේ Futures තෝරා කලින් ලිපි වල කරපු විදිහටම USDT Transfer කර ගන්න. 

දැන් ඔයාල කැමති Coin එකක් තෝරා ගන්න. ඉන්පසුව ඔයාලට මේ විදිහට App එකෙත් Website එකෙත් ගන්න පුලුවන්. එහි ඉහල ඊතලයෙන් ඔයාලට ඔයාල ලග තිබෙන මුදල කී ගුණයකින් වැඩි කරගන්නාද යන්න තෝරා දෙන්න පුලුවන්. මේකට කියන්නෙ Leverage කරනවා කියල. අපි මේ Trading ක්‍රමයට Future Trading කිව්වට ඇත්තටම මේකට Leverage Trading කියල තමා කියන්න ඕනෙ. මෙතනදි ඔයා Trade කරන්න යොදවන මුදල $20 ක් කියල හිතමු. ඔයා මෙතනදි 20x තෙරුවොත් ඔයා Trade එකට යොදවන මුදල $400($20×20) ක් වෙනවා. අන්න ඒ විදිහට තමා Futures Trading වෙන්නෙ. නමුත් ඇත්තටම යම්කිසි විදිහකින් Loss වුනොත් ඔබට දරාගන්න පුලුවන් වෙන්නෙ $20 ක ප්‍රමාණය විතරයි.

ඒ වගේම Margin Trading වලදිත් Cross සහ Isolated ලෙසින් තෝරා ගැනීමට හැකියාව Futures Trading වලත් තිබෙනවා. අපි Margin Trading ලිපියෙදි මේ දෙකෙන් මොකද වෙන්න කියල කතා කලා. මෙහිදී Isolated තෝරා ගත්තොත් අපි Open කරන Trade එකට අපි ආයෝජනය කරන මුදල දක්වා Trade එක Loss වුවොත් Trade එක liquidated වනවා. ඒ කියන්නේ ඔයාග Future Wallet එකේ තවත් මුදල් තිබ්බත් ඔබ ආයෝජනය කල මුදල Loss නම් Trade එක Cancel වෙලා ඔබ ආයෝජනය කල මුදලද නැති වනවා. නමුත් ඔබ තෝරා ගත්තේ Cross නම් Futures Wallet එකේ ඇති මුදල් ප්‍රමාණය දක්වා Loss එක දරගෙන සිටියි. Wallet එකේ මුදල් ද Loss වීමෙන් පසුව සම්පූර්ණ Futures Wallet එකම liquidated වනවා. එහෙම වෙන්න දෙන්න නැති වෙන්න කරන්න දෙයක් අපට තිබෙනවා. ඒ තමා අපට පුලුවන් Cross වලදි නම් Wallet එකට තව මුදල් Transfer කරන්න. Isolated වලදි නම් Trade එකට මුදල් යොදවන්න(Add More USDT) කරන්න. අපි බලමු දැන් ඒ විදිහට Trade එකට තවත් USDT Add කරන්නෙ කොහෙමද කියල. 

ඔයාලට Trade එකක් Open කලාම App එකේදී නම් උඩ රූපයේ පළමු Screenshot එකේ විදිහට පෙන්වනවා Website එකේනම් දෙවන Screenshot එකේ විදිහට පෙන්වනවා. ඒ දෙකේ ඊතලයෙන් දක්වා තියෙන + සලකුන සහ පෑනක(Edit) සලකුණ ලබා දුන් විට 3 වන Screenshot එකේ විදිහට තවත් USDT එකතු කිරීමට Option එකක් අපට ලබෙනවා. ඒ විදිහට අපට වෙන එකෙන් අපට බේරෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම කිසි විටෙකත් අපේ Loss අපේ Spot Wallet එකට හෝ Margin Wallet එකට හෝ P2P Wallet වලට කිසිදු බලපෑමක් වන්නේ නෑ. ඉතින් Binance වල අපේ ප්‍රධාන Trading ක්‍රම තුනට අදාල ලිපි තුන මේ විදිහට අවසන් වනවා. නමුත් අපට Binance හරහා Trade කරන්නේ නැතිව හොදට මුදල් උපයන්න පුලුවන් අවස්ථා රැසක් තිබෙනවා. ඉතින් ඉදිරි ලිපි වලින් ඒ සියලු අවස්ථාවන් ගැන එකින් එක කතා කරමු. 

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap