දවසින් දවස විශාල වෙන Cryptocurrency Market එකත් එක්කම ගොඩක් දෙනෙක් මේ වනවිට Cryptocurrency ගැන උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. එසේම විවිධ වර්ගයේ Cryptocurrency Coin මිලදී ගැනීම ඉහල ගොස් තිබෙනවා. Market එක තුල මේ වන විට විශාල Cryptocurrency Coin ප්‍රමානයක් දක්නට ඇති අතර බොහෝ දෙනෙකු මෙවා මිලදී ගැනීමේදී අදාල Cryptocurrency Coin එක ගැන වගේම Market එක ගැන නිසි අවබෝධයකින් මෙම මිලදී ගැනීම් කරන බවක් පෙනෙන්නට නැහැ. මේ හේතුව නිසා බොහෝ අවස්තා වලදී පාඩු ලබන බවක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ නිසා හරි විදිහට මේ Coin පිලිබදව අධ්‍යනයකර මිලදී ගැනීම් තුලින් හොද ආදායමක් ලබාගන්නා ආකාරය පිලිබදව පැහැදිලි කිරීමේ අරමුනෙන් තමයි මේ ලිපිපෙල අරගෙන එන්නේ.
හොදයි අපි Cryptocurrency Coin එකක් මිලදී ගැනීැම්දී සැලකිය යුතු කරැනු ගනනාවක්ම දක්නට ලැබෙන අතර මෙයින් ප්‍රධානම කරැනු දෙක වන්නේ Coin එකේ පසුබිම සහ වෙලදපොල හැසිරීමයි.මේ ලිපියෙන් Coin වල පසුබිම ගැන කතාකරන්න බලාපොරොත්තු වන අතර වෙලදපොල හැසිරීම පිලිබදව අධ්‍යනය කිරීමට binancesinhala.com වෙබ් අඩවිය තුල ඇති Technical Analysis ලිපිපෙල මගින් ඉගෙන ගන්න පුලුවන්.ඒ වගේම ඔයාලට මේ කරැනු දෙකම පිලිබදව හොද අවබෝධයක් ලබාගන්න පුලුවන් අපේ bitcoin sinhala කියන Youtube Channel එකෙන්.
මේ ලිපිපෙලේ ආරම්භය විදිහට මම මුලින්ම කතාකරන්නේ මේ දිනවල ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමුවෙලා තියෙන Solana Coin එක ගැනයි.මේ Coin එක Market එක තුල හදුන්වන කෙටි නාමය වන්නේ SOL වේ.2017 දී Anatoly Yakovenko කියනපුද්ගලයා විසින්. මෙයා Qualcomm එකේ Smartphone Section එකේ Software Engineer කෙනෙක් විදිහට අවුරුදු 12 ක පලපුරුද්දක් තියෙන පුද්ගලයෙක්. දැනට Cryptocurrency ගැන වගේම Blockchain වල තියෙන දුර්වලතා ගැන විස්ලේශනය කරලා මේ දුර්වලතා වලට විසදුමක් විදිහට තමයි Solana Eco System Blockchain එක හදුන්වා දෙන්නේ
හොදයි එහෙමනම් අපි කතාකලා Solana Blockchain එක හදුන්වා දුන්නේ ගොඩක් Blockchain වල තියෙන දුර්වලතා වලට විසදුමක් විදිහට කියලා.අපි දැන් බලමු මොනවද මේ දුර්වලතා වගේම කොහොමද Solana Blockchain එක මේවට විසදුම් ලබාදීල තියෙන්නේ කියල.Bitcoin ඇතුලු ප්‍රධාන පෙලේ Cryptocurrency වල සිදුවෙන Transition Validate කරන්න බාවිතා කරන්නේ Proof Of Work කියන ක්‍රමය.මෙතනදී සිද්ද වෙන්නේ Miners ලා විසින් Transition Validation සිදු කිරීමට සහය වීමයි. Transition Validate කිරීම සදහා අවශ්‍ය කරන බලය Hash Power කියලා තමයි හදුන්වන්නේ.ඒ වගේම තමයි Transition Validate කිරීම සදහා සම්බන්ද වන අයට අයට අදාල Coin එකෙන් යම් ප්‍රමානයක් Reword එකක් හැටියට ලබාදෙනවා.Hash Power එක වැඩිවෙන තරමට ලබාදෙන Reword එක වැඩි කරගන්න පුලුවන්. මේ නිසා අද වෙන කොට විශේෂිත පරිගනක පවා නිපදවා තිබෙනු දක්නට හැකි අතර මේවා විශාල ප්‍රමාන වලින් එක් කොට Mining Farm වශයෙන් පවත්වාගෙන යනු ලබනවා.මෙතනදී සිද්ද වෙන විශාලම පාඩුව විදිහට මෙම උපකරන වලට අධික ලෙස බලශක්තිය වැය වීම දක්වන්න පුලුවන්.ඔබ දන්නවා දැනටමත් ලොව පුරා බොහෝ රටවල් බලශක්ති අර්බුදයකට මුහුනපාලා ඉන්නෙ කියලා.තව දුරටත් මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් ඉදිරියේදී බලශක්ති අර්බුදයකට මුහුන පාන්න සිදුවෙනවා.එම නිසා දැනටමත් චීනය තුල Mining කිරීම තහනම් කරල තියෙනවා.ඒ වගේම තමයි විශාල වශයෙන් භාවිතා වෙන උපකරන වල ඉවත් කරන කොටස් පරිසරයට එකතු වීමෙන් පරිසරය විනාශවීම සිදුවෙනවා. මේ ගැටළු වලට විසදුමක් විදිහට තමයි Proof Of Stake කියන Method එක හදුන්වා දීලතියෙන්නේ. මෙතනදී Validation කිරීම සිද්ද වෙනනේ අදාල Network එක තුල තියෙන Bloke එකක් මගින්මයි. එහෙමත් නැත්නම් Network එක තුල තියෙන Coin එකක් මගින්මයි.මෙතනදී අපට Blockchain එක තුල යම් Coin ප්‍රමානයක් Stake කරන්න සිදුවෙනවා.Coin ප්‍රමානය වැඩිවන විට ලැබෙන අවස්තාවත් ඉහල යනවා. අපට මේ ක්‍රමය තුලදී කලින් මෙන් විශේෂ උපකරන අවශ්‍ය වෙන්නෙ නැහැ. අපට සාමාන්‍ය Computer එකක් හෝ Smartphone එකක් ප්‍රමානවත් වෙනවා එම නිසා කලින් කතාකරපු බලශක්ති අර්බුදය, සහපරිසරය විනාශවීම කියන කරුනු ඉතාම අවම මට්ටමකට අඩුවෙනවා. එම නිසා දැනට බොහෝ දෙනෙකුගේ අවදානය මේ ක්‍රමයට යොමුවෙලා තියෙනවා.අපි අද කතා කරන Solana Blockchain එකත් මේ ක්‍රමය තමයි භාවිතා කරන්නේ.
ඒ වගේම තමයි දැනට තියෙන බොහෝමයක් Blockchain වල තියෙන තවත් ලොකු අඩු පාඩුවක් තමයි Transition වලට ගතවෙන කාලය ගොඩක් වැඩිවීම. අද වන විට ඇතිවී තිබෙන කාර්යබහුලත්වය හේතුවෙන් යම් කාර්යකට ගතවෙන කාලය පිලිබදව සැලකිලිමත් වීම දකින්න ලැබෙනවා.ඉතින් ඒ නිසා Cryptocurrency Blockchain තුලත් මේ ගතවෙන කාලය අඩුකර ගැනීමේ ක්‍රම ඉදිරිපත් කරනු දක්නට ලැබෙනවා. දැනට අංක එකේ Cryptocurrency Coin එක වෙන Bitcoin එකේ Transition Speed එක දක්වලා තියෙන්නේ විනාඩියකට Transition 10 ක් විදිහටයි.නමුත් මෙතනදී මේ ගැටළු වලට විසදුමක් විදිහට Solana Blockchain එක තුල විනාඩියකට Transition 65000 ක් දක්වා වැඩිදියුනු කරල තියෙනවා.
මේ කරුනු වලට අමතරව මෙයාල තවත් තාක්ෂනික ක්‍රම කිහිපයක්ම යොදාගෙන තියෙනවා මම කලින් කියපු දුර්වලතා වලට විසදුමක් විදිහට.ඒ අතරින් Transition Validate කිරීම සදහා Proof Of Stake කියන Method එකට අමතරව Proof Of History කියන Method එකත් භාවිතා කරනවා. මෙතනදී මෙයාල හැම Transition එකක්ම Time Stamp ක්‍රමයට ගබඩා කරගන්නවා.ඒ වගේම තමයි Solana Blockchain එක තුල වැඩිදියුනු කරන ලද Ecosystem එකක් දක්නට ලැබෙනවා එමගින් Transition Speed එක වැඩිදියුනු කරල තියෙනවා.ඔයාලට තව දුරටත් විස්තර හොයාගන්න පුලුවන් https://solana.com/ecosystem කියන එයාලගෙ ප්‍රධාන Web Site එකෙන්.
හොදයි අපි දැන් බලමු SOL Coin එක ගැන. අපි මේ කතා කරපු Solana Blockchain එක හදුන්වාදෙන Cryptocurrency Coin එක තමයි මේ SOL Coin කියන්නේ.මේ Coin එක 2020 අප්‍රෙල් වල තමයි Cryptocurrency Exchange වල List කරල තියෙන්නේ. ඒ වෙනකොට වටිනාකම විදිහට සටහන් වෙන්නෙ ඩොලර් 2.85ක් විදිහට. මේ Coin එක තුල තියෙන තාක්ෂනය නිසා කෙටි කාලයක් තුල Cryptocurrency Market එකතුල පලවෙනි Coin 10 අතරට එන්න SOL Coin එකට හැකිවෙලා තියෙනවා. දැනට Cryptocurrency World Ranking එකේ 7 වෙනි ස්ථානයට තමයි තියෙන්නේ.දැන් මේ වෙන කොට මිල ඩොලර් 136 ක් වෙනවා.
SOL Coin එකේ Total Supply එක විදිහට දක්වලා තියෙන්නේ Coin 503,273,342 විදිහටයි.දැනට Coin 290,858,552 ප්‍රමානයක් Market එකට නිකුත් කරල තියෙනවා.Total Market Cap එක විදිහට $39,528,895,385 ප්‍රමානයක් දක්වල තියෙනවා.
SOL Coin එකේ දකින්න පුලුවන් තවත් විශේෂ ලක්ෂනයක් විදිහට Coin එකේ මිල වෙනස් වීම දක්වන්න පුලුවන්. මේකෙ මිල වෙනස් වීම සිද්ද වෙන්නේ Bitcoin එකට සාපේක්ෂව ඒ කියන්නේ Bitcoin එකේ මිල ඉහල යෑමත් සමගම මේකෙ මිලත් ඉහල යනවා පහල යෑමත් සමගම මිල පහල යනවා. මේ හේතුව නිසා අපට පහසුවෙන් Bitcoin එකේ මිල වෙනස් වීමත් එක්ක SOL Coin එකේ මිල ගැන යම් අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙනවා.
ඉතින් මේ හේතු නිසා SOL Coin එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. තව නොබෝ කාලයකින් මේ Coin එක Market එක තුල පලවෙනි Coin තුන අතරට එයි කියල තමයි ගොඩක් දෙනෙක් මත පලකරල තියෙන්නේ. දීර්ග කාලීනව වගේම කෙටි කාලීනව ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හොද Coin එකක් විදිහට SOL Coin එක නිර්දේශ කරන්න පුලුවන්.මෙතනදි ඔයාල හොදට මතක තියාගන්න ඕන මිලදී ගන්න කලින් Coin එක ගැන වගේම Market එක ගැනත් හොදට හොයල බලල අවබෝධයක් ඇතුව මිලදී ගැනීම් කරන්න.ඔයාලට SOL Coin එක Binance එක හරහා මිලදී ගන්න පුලුවන්.තවමත් ඔයාට Binance Account එකක් නැත්නම් binancesinhala.com Web Site එකට සම්බන්ද වෙලා නිවැරදිව Binance Account එකක් හදාගන්න වගේම මේ තුලින් හොද ආදායමක් ලබා ගන්න විදිහ ගැන ඉගෙන ගන්නත් පුලුවන්.ඒ වගේම ඔයා මිලදී ගන්න හොද Coin එකක් හොයන කෙනෙක් නම් අපේ bitcoin sinhala YouTube Channel එකෙන් මේ පිලිබදව හොද අවබෝධයක් ලබාගන්න ඔයාට පුලුවන්.
ඔයාලට SOL Coin එක ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. දිගටම අපේ Web Site එකත් එක්ක රැදිල ඉන්න ඉදිරියට මේ වගේ සියලුම Alt Coin ගැන ලිපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා.ඉක්මනින්ම තව ලිපියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුභ දවසක්.