Buy Polkadot(DOT) Coin in Sri Lanka ‍| පෙරලිකාර Blockchain එක

මේ වෙන කොට ගොඩක් දෙනෙක් Profit එකක් ගන්න පුලුවන් Coin එකක Invest කරන්න උනන්දුවක් දක්වනවා. නිසි අවබෝධයකින් තොරව Coin මිලදී ගැනීමෙන් Lose වෙන්න තියෙන අවස්තාව වැඩියි. ඒ නිසා Profit එකක් ගන්න පුලුවන් Coin පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබාදීමේ අරමුනෙන් අරගෙන එන ලිපි පෙලේ දෙවනි ලිපිය විදිහට අද කතාකරන්නේ DOT Coin එක ගැනයි.හොදයි එහෙමනම් අපි බලමු මොකක්ද මේ DOT Coin එක කියන්නේ අපිට මේක වැදගත් වෙන්නේ කොහොමද ඒ වගේම මේ Coin එකෙන් Profit එකක් ගන්නෙ කොහොමද කියල.

ඔබට Polkadot(DOT) එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

DOT Coin එහෙමත් නැත්නම් Polka Dot ආරම්භ වෙන්නේ 2017 දි. Dr Gavin Wood කියන පුද්ගලයා විසින් තමයි Polka Dot Blockchain එක නිර්මානය කරල තියෙන්නේ. මෙයා Ethereum Blockchain එකේ Co-pounder කෙනෙක් වගේම Ethereum Network එකේ CTO විදිහට හදුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම තමයි මෙයාට අවුරුදු ගනනාවකම Cryptocurrency Blockchain තාක්ෂනය පිලිබදව හොද දැනුමක් වගේම පලපුරුද්දක් තියෙනවා. Ethereum Blockchain එක අද තියෙන තත්වයට ගේන්න ගොඩක් මහන්සි උන පුද්ගලයෙක් තමයි මේ Dr Gavin Wood කියන්නේ. Ethereum එකේ දැනට තියෙන දුර්වලතා හදුනගෙන දැනට  Ethereum Blockchain එක Proof Of Steak ක්‍රමයට මාරුවෙමින් ඉන්නවා.මේ අලුත් Update එකට ගතවෙන කාලය පිලිබදව සෑහීමකට පත් නොවුනු Dr Gavin Wood විසින් Polka Dot Blockchain එක නිර්මානය කරනවා

මෙතනදි Polka Dot Blockchain නිර්මානය කිරීමේ මුලිකම අරමුන විදිහට දක්වලා තියෙන්නේ Ethereum එක තුල තියෙන ප්‍රධාන දුර්වලතා වුනු Transition Speed එක අඩුවීම,Transition Fee එක වැඩි අගයක් ගැනීම, Transition Validate කරන්න බාවිතා කරන ක්‍රමය සහ අනෙක් Blockchain සමග සම්බන්ධ වීමේදි ඇතිවන ගැටලු වලට විසදුම් ලබාදීමයි.Ethereum Blockchain එක තුල Transition Speed එක විනාඩියකට Transition 17 ක් තමයි වෙන්නේ. නමුත් මෙි Polka Dot Blockchain එක තුල විනාඩියකට Transition 1000 ක් වගේ ප්‍රමානයකට වැඩිදියුනු කරල තියෙනවා.ඒ වගේම තමයි Ethereum Blockchain එක තුල Transaction Fee එක $15 ක් වගේ විශාල අගයක් වෙද්දි Polka Dot Blockchain එක තුල Transaction Fee එක වෙන්නේ $1 ක් වගේ පොඩි අගයක්.Polka Dot Blockchain එක තුල Transition Validate කරන්න බාවිතා කරන්නේ Proof Of Steak කියන ක්‍රමය.ඒ වගේම තමයි මෙයාල හදුන්වාදෙන තාක්ෂනික ක්‍රමයන් හරහා ඕනෑම   Blockchain එකක් හා සම්බන්ද වෙන්නත් පුලුවන්.

මම ඔයාලට කලින් සදහන් කලා Transition Speed එක සහ ඕනෑම   Blockchain එකක් හා සම්බන්ද වෙන්න මෙයාල හදුන්වාදෙන තාක්ෂනික ක්‍රමයන් හරහා පුලුවන් කියල. මෙතනදි මෙයාල ක්‍රම 4 ක් බාවිතා කරල තියෙනවා.

01) Relay Chain

02) Parachains

02) Parathreads

04) Bridges

දැනට Relay Chain එක Run වෙන අතර ඉතිරි කොටස් සංවර්දනය කරමිනුයි පවතින්නේ. මේ වසර අවසානයේ මේ කටයුතු අවසන් කරන බව තමයි සදහන් කරල තියෙන්නේ.  ඔයාලට මේ පිලිබදව තවදුරටත් විස්තර බලාගන්න පුලුවන් https://polkadot.network/ කියන මෙයාලගෙ Web Site එකෙන්.  

Polka Dot Blockchain එක තුල හදුන්වා දෙන Coin එක තමයි DOT Coin කියල හදුන්වන්නේ. මෙයාල 2017 දි Blockchain එක තුල හදුන්වා දීල කෙටි කාලයකින් DOT Coin එකේ පලවෙනි ICO එක පවත්වනවා. මෙතනදී ඩොලර් මිලියන 140 ක Pound එකක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා.මෙතනදි මෙයාල Coin එකක වටිනාකම $30 ක් විදිහට තමයි දක්වල තියෙන්නේ. නමුත් මෙයාල මෙතනදී අසාර්තක වෙනවා.නැවතත් මෙයාල 2019 සහ 2020 අවුරුදු දෙකේදි නැවතත් ICO වට දෙකක් පවත්වල සාර්තක වෙනවා. මෙතනදි Coin එකක් $6 කට මිල සදහන් කරල තිබුනත් 2020 අගෝස්තු වල Cryptocurrency Exchange වල List වෙන්නේ $2 ක් විදිහටයි.Binance Exchange  එකේ List කරපු පලවෙනි දවසෙම $6 ක් දක්වා මිල ඉහල ගිහින් තියෙනවා. ක්‍රමයෙන් මිල පහල ගියත් සාර්තකව මිල ඉහල අරන් යන්න DOT Coin එකට හැකි වෙලා තියෙනවා.අද වෙනකොට මිල $35 සීමාවෙ තමයි තියෙන්නේ.

DOT Coin එකේ Total Supply එක 1,103,303,471 විදිහට තමයි දක්වල තියෙන්නේ. දැනට Market එකට Coin 987,579,314 ප්‍රමානයක් නිකුත් කරල තියෙනවා.Market Cap එක $32,779,061,214 ප්‍රමානයක් විදිහට මේ වෙන කොට වර්ධනය වෙලා තියෙනවා.World Cryptocurrency Rank එක 9 වෙනි තැන තමයි දැනට DOT Coin එක හිමි කරගෙන තියෙන්නේ. ආරම්භයේ සිට මේ වෙන කොට Market Cap එක 774% කින් වැඩි වෙලා තියෙනවා.

හොදයි ඔයාලට පැහැදිලි වෙන්න ඇති මොකක්ද මේ Polka Dot Blockchain එක කියන්නේ වගේම මොකක්ද මේ DOT Coin එක කියන්නේ කියල. මම මේ කියපු කරුනු වගේම Coin එක Market එක තුල හැසිරෙන විදිහත් එක්ක මේකෙ මිල $100 කියන සීමාවට ඉක්මනින්ම ගමන් කරයි කියල තමයි ගොඩක් දෙනෙක් අදහස් ප්‍රකාශ කරන්නේ.ඒ වගේම ඉතාම ඉක්මනින් පලවෙනි Coin 3 අතරට DOT Coin එන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.මේ හේතු නිසා අපිට මේ මොහොතේ DOT Coin එක Buy කලොත් හොද Income එකක් ගන්න පුලුවන් කියන එක තමයි මගෙ මතය.මෙතනදි අපට Dollar Cost Average ක්‍රමයට මිලදී අරගෙන Income එක වැඩි කර ගන්න පුලුවන්.කොහොම උනත් මිලදී ගන්න කලින් Market එක ගැන හොදට හොයල බලල අවබෝධයක් ඇතුව මිලදී ගන්න මතක තියා ගන්න.

ඔයාලට DOT Coin එක Binance එක හරහා මිලදී ගන්න පුලුවන්.තවමත් ඔයාට Binance Account එකක් නැත්නම් binancesinhala.com Web Site එකට සම්බන්ද වෙලා නිවැරදිව Binance Account එකක් හදාගන්න වගේම මේ තුලින් හොද ආදායමක් ලබා ගන්න විදිහ ගැන ඉගෙන ගන්නත් පුලුවන්.ඒ වගේම ඔයා මිලදී ගන්න හොද Coin එකක් හොයන කෙනෙක් නම් අපේ bitcoin sinhala YouTube Channel එකෙන් මේ පිලිබදව හොද අවබෝධයක් ලබාගන්න ඔයාට පුලුවන්.     

ඔයාලට DOT Coin එක ගැන පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. දිගටම අපේ Web Site එකත් එක්ක රැදිල ඉන්න ඉදිරියට මේ වගේ සියලුම Alt Coin ගැන ලිපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා.ඉක්මනින්ම තව ලිපියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුභ දවසක්. 

ඔබට Polkadot(DOT) එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap