Buy Bitcoin & Cryptocurrency in Sri Lanka - Binance P2P Tutorial

අපි මේ ලිපිය හරහා ඉගෙන ගන්නවා අපි කොහොමද Bitcoin හෝ වෙනත් Cryptocurrency එකක් Binance එකෙන් මිලදී ගන්නෙ කොහොමද කියල. ඉතින් ශ්‍රී ලංකාවේ අපට Bitcoin මිලදී ගන්න වෙන්නෙ Binance කියන ක්‍රමය හරහා. මොකද දැනට ශ්‍රී ලංකාව තුල Cryptocurrency සදහා අදාල නීති සම්පාදනය වෙලා නැති නිසා Binance එකට අපේ Credit Card හෝ Debit Card හරහා සෘජුව ගෙවීමක් කරල Bitcoin හරි වෙනත් Cryptocurrency එකක් මිලදී ගැනීමේ හැකියාවක් නෑ. ඔබ පිටරටක ජීවත් වෙන කෙනෙක් නම් මෙතන Click කරන්න Credit Card හෝ Debit Card එකකින් කොහෙමද Bitcoin මිලදී ගන්නෙ කියල දැන ගන්න.

හරි අපි දැන් බලමු P2P(Person to Person) වලින්  Bitcoin හරි වෙනත් Cryptocurrency එකක් මිලදී ගන්නෙ කොහොමද කියල. මුලින්ම මේක Binance App එකෙන් කරගන්න විදිහ කියල දෙන්නම්. ඔයාල App එකෙන් නැතිව Binance Website එක පාවිච්චි කරනවා නම් මුලින්ම මේ ලිපිය සම්පූර්ණයෙන් කියවල ඉන්න. මොකද ඔයාල දැනගත යුතු වැදගත් කරුණු ටිකක් මේ ලිපියෙදි අපි කතා කරනවා. ඉන්පසුව මේ ලිපියේ අවසානයේ Link එකක් දාන්නම් Binance Website එකෙන් මේකම කරගන්න විදිහ ඔයාලට ඉගෙන ගන්න.  ඔයාල කලින් ලිපියෙ කියල දුන්න විදිහට Binance එකේ Register වෙලා App එක Install කරගෙන ඉතිරි වැඩ ටිකත් කරගෙන ඇත්තෙ. නැත්නම් මුලින්ම ඒ ලිපිය මෙතනින් බලල ඒ ටික කරගෙන මේ ලිපියට එන්න. ඔයාල Binance App එක Open කල විට පහල පලවෙනි රූපයේ විදිහට App එකේ Trade කොටසට යන්න. ඉන්පසුව දෙවන Screenshot එකේ පෙන්වන ලෙසින් ඔබට දැක ගන්න පුලුවන්. එහි ඉහල ඊතලයෙන් පෙන්වා ඇති P2P ලබා දෙන්න.

දැන් තුන්වන රූපයේ වම් පැත්තේ ඊතලයෙන් දක්වා ඇති කොටසින් P2P තෝරන්න. ඉන්පසුව දකුනු පැත්තෙන් LKR තෝරා දෙන්න. දැන් ඔයාලට 3 වන Screenshot එකේ විදිහට පෙන්වනවා. මීලගට Binance Account එකට සල්ලි Deposit කරන්න පුලුවන්. ඉතින් එකට කලින් ඔයාලට පොඩි පොඩි දේවල් ටිකක් පැහැදිලි කරල දෙන්න අවශ්‍යයි. අපි මුලින්ම Bitcoin හරි වෙනත් Cryptocurrency එකක් මිලදී ගන්න කලින් අපි ගන්නෙ USDT කියන Cryptocuurncy එක. USDT කියන්නෙත් Cryptocurrency එකක්. නමුත් මේක Stable Coin එකක්. ඒ කියන්නෙ මේකෙ අගය වෙනස් වෙන්නෙ නෑ. හරියටම USD නැත්නම් US Doller එකක අපයට මේ මේ Coin එකේ අගය සමානයි. අපි මේක අරන් කොච්චර කල් තියන් හිටියත් අගය වෙනසක් වෙන්නෙ නෑ. (1 USDT = 1 US Doller) දැන් ඔයාල කල්පනා කරනවා ඇති මේ වගේ Coin එකකින් ඇති වැඩේ මොකක්ද කියල. අපි ඒකත් පැහැදිලි කරගෙන ඉමු.

අපි Trade කරද්දි මිළදී ගැනීම් සහ විකිණීම් රාශියක් සිදු කරනවා. ඉතින් කිසියම් Cryptocurrency එකක් විකිණීමෙන් ලබා ගන්නා Cryptocurrency එකේ මිලත් සෑමවිටම වෙනස් වෙනවා නම් ලොකු ප්‍රශ්ණයක්. ඉතින් මේකට විසදුම තමා අගය වෙනස් නොවන Cryptocurrency එකක්. ඉතින් USDT කියන්නෙ ඒ වගේ Stable Coin එකක්. ඉතින් අපට පුලුවන් USDT මිලදී අරගෙන තියගෙන ඉදල වෙනත් Cryptocurrecy එකක මිල අඩු වුනාම ඒක අරගන්න. ආයෙත් ඒ Cryptocuurency එකේ මිල වැඩි වුනාම ඒක විකුණල නැවත USDT ගන්නත්. ඒ වගේම ඕන වෙලවක USDT විකුණල ශ්‍රී ලංකා රුපියල්(LKR) හෝ ඇමෙරිකන් ඩොලර් (USD) ලබා ගන්නත්. ඉතින් අපිත් මුලින්ම මිළදී ගන්නෙ USDT ඊට පස්සෙ තමා Bitcoin හරි වෙනත් Cryptocurrency එකක් මිළදී ගන්නෙ. එහෙනම් පහල Video එකෙන් බලන්න කොහොමද USDT ශ්‍රී ලංකාවෙ ඉදන් මිලදී ගන්නෙ කියල.

Binance P2P පිළිබදව ඇති සාමාන්‍ය ප්‍රශ්ණ සහ පිළිතුරු

අපි Seller ට සල්ලි දැම්මම Seller USDT එවන්නෙ නැති වෙයිද?

එහෙම කරන්න බෑ මොකද Seller කෙනෙක්ට එයාගෙ P2P Wallet  එකේ USDT නැතිව Binance එකේ USDT විකුණන්න බෑ. ඒ වගේම තමා අපි USDT ගන්න Order එකක් Create කලාම Binance එකෙන් අදාල USDT ප්‍රමාණය Lock කරනවා. ඒ නිසා Seller අනිවාරයෙන්ම USDT ටික එවන්නම ඕනෙ.

සල්ලි දාන්න කලින් Seller එක්ක කතා කරන්න අවශ්‍යද?

අනිවර්යෙන්ම කතා කරන එක අවශ්‍යයි. මොකද සමහර වෙලාවට Sellers ල Online නෑ. එහෙම වෙලාවට අපට ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා. ඒ නිසා Order එකක් Open කලාම අනිවාරයෙන් Seller ත් එක්ක Chat කරන්න. Phone Number එකක් ඉල්ලගෙන කතා කරන්න. මේ දේවල් වලට Seller කැමති නැත්නම් Order එක Cancel කරල වෙන කෙනෙක් හොයා ගන්න.

මම කලින් කිව්ව මේක Binance Website එකෙන් කරගන්න විදිහ බලන්න Link එකක් දෙනවා කියල. මේක Binance App එකෙන් නැතිව Binance Website එකෙන් කරගන්න විදිහ බලන්න මෙතන Click කරන්න.

මේ ටික හරියට කරගත්තා නම් දැන් ඔයාල හැමෝම USDT අරගෙන Spot Wallet එකට දාගෙන ඇති කියල හිතනවා. අවශ්‍ය නම් මේ විදිහටම Bitcoin ඇතුලු තවත් Cryptocurrency ගනනාවක් මේ ආකාරයට Binance P2P Trade එකක් කරල මිළදී ගන්න පුලුවන්. නමුත් එය ලාභදායි නොවීමට හැකියාව තිබෙනවා. ඉතින් අපි මේ විදිහට මුලින් USDT මිලට ගෙන එය Spot Wallet එකට යවල එතනින් කැමති Cryptocurrency එකක් මිලදී ගනීම තමා කරන්නෙ. එය ලාභදායී වගේම වඩාත් පහසුයි. දැන් අපි බලමු Spot Wallet එකේ තිබෙන USDT වලින් Spot Trade එකක් කරල කොහොමද Cryptocurrency Coin මිළදී ගන්නෙ කියල. ඒ සදහා පහත “Spot Trading Tutorial” Button එක Click කරන්න.  

Bitcoin ඇතුලු Cryptocurrency වෙළදපලේ අලුත්ම News සිංහලෙන් දැනගන්න
පහලින් අපේ Social Media එක්ක එකතු වෙන්න.

Share via
Copy link
Powered by Social Snap