අඩු Risk එකකින් වැඩි ප්‍රතිලාභයක්.

Binance Platform එක තුල Risk එකක් නැතුව ආයෝජනය කරල හොද Profit එකක් ලබාගන්න පුලුවන් ක්‍රම දෙකක් ගැන මම කලින් ලිපි දෙකකින් ඔයාලට විස්තර අරගෙන ආවා. අද විස්තර කරන්නෙත් මේ වගේම Binance Platform එක තුල Risk එකක් නැතුව ආයෝජනය කරන්න පුලුවන් තවත් ක්‍රමයක් පිිලිබදවයි. මේ ක්‍රමය හදුන්වන්නේ Binance Staking කියලයි. මේ ක්‍රමයත් කලින් විස්තර කරපු ක්‍රම දෙකට ගොඩක් දුරට සමානයි. පුංචි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. හොදයි ඔයාලට Binance Staking ආරම්භ කරන්න මුලින්ම Binance Account එකක් අවශ්‍යය වෙනවා. තවමත් ඔයාලට Binance Account එකක් නැත්නම් පහලින් Binance Account එකක් හදාගන්න පුලුවන්. එහෙමනම් අපි බලමු කොහොමද  Binance Staking ආරම්භ කරන්නෙ කියල.

ඔබට Polkadot(DOT) එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

වෙනදා වගේම Binance එකට Log In වෙලා මුලින්ම එන Home Page එකේ ඊතලයෙන් දක්වා ඇති Earn කියන Category එක මතට Mouse Cursor එක අරගෙන එන්න. පහලට Pop-up වෙන Menu එකෙන් Staking  කියන එක තෝරන්න 

දැන් ඔයාලට පහල දක්වල තියෙන රූපය වගේ Window එකක් බලාගන්න පුලුවනි. මෙතනදි Staking එක තුල Locked Staking , DiFi Staking  විදිහට ක්‍රම දෙකකට Invest කරන්න පුලුවනි. ඒ වගේම මෙතනදි අපට Invest කරන්න අවස්තාව ලබාදෙන Coin , දින ගනන වගේම ලබාදෙන පොලී ප්‍රතිශතයත් බලා ගන්න පුලුවනි.

මෙතනදි Locked Staking තුල Invest කරනවනම් අපට අපේ Coin ටික Binance එක තුල  Lock කරන්න සිදුවෙනවා. ඉතින් ඔයාල දන්නව ඇති අපට Staking කාර්යට සම්බන්ද වෙන්නනම් අපි ලග තියෙන Coin Blockchain එකක් තුල Locke කරන්න සිදුවෙනවා කියල. ඉතින් ඒ වගේ කාර්යයක් තමයි මෙතනදි සිද්ද වෙන්නේ.   මෙතනදි අපට දිනපතා පොලිය ලැබෙනවා. අපේ Spot Wallet එක තුල තියෙන Coin මේ විදිහට Invest කරන්න පුලුවනි. ඔයාල Staking ආරම්භ කරන්නනම් මෙතනින් කැමති Coin එකක් සහ අදාල දින ගනන තෝරල Stake now කියන කහ පාට Button එක Click කරන්න ඕනා.  දැන් ඔයාලට පහල රූපය වගේ බලාගන්න පුලුවන්. මෙතනදි ඔයාල Invest කරපු Coin එක Day Duration එක APY Tier Rate එක Redemption Period එක වගේම Summary එකත් බලාගන්න පුලුවනි. දැන් ඔයාල Lock Amount කියන තැනට කැමති ප්‍රමානයක් Add කරල I have read and I agree to Binance Savings Service Agreement කියන එකට Tick  එකක් දාලා Confirm කියන එක දෙන්න. දැන් ඔයාලගෙ Locked Staking එක සම්පූරනයි. දැන් ඊලග ගැටළුව තමයි අපට අදාල දිනයට කලින් Locked Staking එක තුලින් අපේ Coin ඉවත් කරගන්න බැරිද කියන එක. ඉවත් කරගන්න පුලුවනි. නමුත් ඒක තුලින් ලබාදීපු පොලිය මෙයාල නැවත අය කරගන්නවා. උදාහරනයක් විදිහට අපි හිතමු යම් Coin එකක් අපි දින 30 කට Locked Staking කරනවා නමුත් අපට දින 10 කින් Coin එක ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා ඒවෙන කොට Binance එක අපට දින 10 කට පොලිය ලබාදීල තියෙනවා. මෙන්න මේ කියන පොලිය මෙයාල අපෙන් නැවත අයකර ගන්නවා.

අපි DiFI Staking තුල Invest කරනවනම් අපට කැමති අවස්තාවක අපේ Coin ටික Staking එක තුලින් ඉවත් කර ගන්න පුලුවන්. ඒ වගේම මෙතනදිත් අපට දිනපතා පොලිය ලැබෙනවා.අපිට අපේ Spot Wallet එක තුල තියෙන Coin මේ විදිහට Invest කරන්න පුලුවනි.  දැන් ඔයාල DiFi Staking  එක ආරම්භ කරන්න සූදානම් නම් කැමති Coin එක තෝරගෙන Stake Now කියන   කහ පාට  Button එක Click කරන්න. දැන් ඔයාලට පහල රූපය වගේ බලාගන්න පුලුවන්. මෙතනදි ඔයාල Invest කරපු Coin එක Day Duration එක APY Tier Rate එක වගේම Summary එකත් බලාගන්න පුලුවනි. දැන් ඔයාල කැමති amount  එකක් Add කරල I have read and I agree to Binance Savings Service Agreement කියන එකට Tick  එකක් දාලා Confirm කියන එක දෙන්න. දැන් ඔයාලගෙ DiFI Staking එක සම්පූරනයි. 

හොදයි මේ විදිහට තමයි Binance Staking එක සිද්ද වෙන්නේ. දැන් අපි බලමු අපේ Investment එක පෙන්වන්නෙ කොතනද කියල. ඔයාල Wallet එකට යන්න මෙතනින් Earn Wallet එක තෝරන්න දැන් මෙතනින් Staking යටතේ ඔයාලගෙ Investment එක ලැබෙන පොලිය සහ අදාල දින ගනන වගේ විස්තර බලාගන්න පුලුවන්.

අපට මේ Staking එක තුලින් ඉවත් වෙන්න අවශ්‍යය නම් ඒක සිදුකරන්නෙත් මේ Wallet එක තුලමයි. මෙතනදි ඔයාල Action යටතේ තියෙන Redeem කියන තැන Click කරන්න ඕනා.එතකොට ඔයාලට Arely redemption කියන Option එක බලා ගන්න පුලුවන්. අපි මේ Option එක ලබාදුන්නාම Redeem වෙන්න පැය 24ක් වගේ කාලයක් ගතවෙනවා. මෙතනදි DiFi Staking වලට Redeem කරන දිනයටත් පොලිය ලැබෙනවා. 

හොදයි එහෙමනම් ඔයාලට මේ පිලිබදව පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා . තව දුරටත් ඔයාල මේ පිලිබදව දැනගන්න කැමතිනම් අපේ bitcoin sinhala YouTube Channel එකේ Binance Staking Video එකෙන් වැඩි විස්තර ලබාගන්න පුලුවන්. ඉදිරියටත් මේ වගේ වැදගත් ලිපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා දිගටම අපේ Web Site එකත් එක්ක ඒකතු වෙලා ඉන්න. තවත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු . ඔයාලට සුභ දවසක්.

Share via
Copy link
Powered by Social Snap