Skip to content

Binance Saving Sinhala Tutorial | ලංකාවේ බැංකුවකටත් වඩා පොලියක් ලබාදෙන ඉතුරුම

Cryptocurrency වලින් Binance ඒකතුල Lost වෙන්නේ නැතුව Invest කරන විදිහක් ගැන මම කලින් ලිපියකින් තොරතුරු අරගෙන ආවා ඔයාලට මතක ඇති.එතනදි මම ඔයාලට කිව්වා Binance ඒකතුල Lost වෙන්නේ නැතුව Invest කරන ක්‍රම ගනනාවක්ම තියෙනවා කියලා. ඉතින් අදවිස්තර කරන්න යන්නේ තවත් ඒ වගේ ක්‍රමයක් වුනු Binance Saving පිලිබදවයි. ඔයාලටත් මේ Binance Saving තුලින් හොද මුදලක් උපයන්න නම් Binance  Account එකක් තියෙන්න ඔනා තවමත් ඔයාලට Binance Account එකක් නැත්නම් පහලින් Binance Account එකක් පහසුවෙන්ම හදා ගන්න පුලුවන්.    

ඔබට Polkadot(DOT) එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

Binance Saving එක ආරම්භ කරන්න මුලින්ම ඔයාල Binance Account එකට Login වෙන්න. දැන් ඔයාල පහල රූපයේ ඊතල වලින් දක්වා තියෙන විදිහට Home Page එකේ Earn කියන Category එක උඩට Mouse එක අරගෙන එන්න. දැන් popup වෙන Menu එකෙන් Saving කියල තෝරන්න.  ඔයා Mobile phone එක Use කරනවනම් Home Page එකේ More කියන එක උඩ Touch කරල Saving කියල තෝරන්න 

දැන් ඔයාලට පහල දක්වල තියෙන රූපය වගේ Window එකක් බලාගන්න පුලුවනි. මෙතනදි Shavings එක තුල Flexible Savings , Locked Savings විදිහට ක්‍රම දෙකකට Invest කරන්න පුලුවනි. ඒ වගේම මෙතනදි අපට Invest කරන්න අවස්තාව ලබාදෙන Coin , දින ගනන වගේම ලබාදෙන පොලී ප්‍රතිශතයත් බලා ගන්න පුලුවනි.

මෙතනදි Flexible Savings තුල Invest කරනවනම් අපට කැමති අවස්තාවක අපේ Coin ටික Savings එක තුලින් ඉවත් කර ගන්න පුලුවන්. ඒ වගේම මෙතනදි අපට දිනපතා පොලිය ලැබෙනවා.මෙතනදි අපේ Spot Wallet එක තුල තියෙන Coin මේ විදිහට Invest කරන්න පුලුවනි. අපට අවශ්‍යනම් අපි Savings එක තුල Invest කරන Coin එක විටින් විට අපේ Account එකතු වෙනවනම් Automatically Savings එකට එකතු වෙන්න දාන්න පුලුවනි. මේ සදහා ඔයාල Flexible Savings තුල තියෙන Auto Transfer කියන Button එක On කරල තියා ගන්න අවශ්‍යයි. දැන් ඔයාල Savings එක ආරම්භ කරන්න සූදානම් නම් කැමති Coin එක තෝරගෙන කැමති නම් Auto Transfer Button එක On කරල  කහ පාට Subscribe Button එක Click කරන්න. දැන් ඔයාලට පහල රූපය වගේ බලාගන්න පුලුවන්. මෙතනදි ඔයාල Invest කරපු Coin එක Day Duration එක APY Tier Rate එක වගේම Summary එකත් බලාගන්න පුලුවනි. දැන් ඔයාල Subscription amount කියන තැනට කැමති ප්‍රමානයක් Add කරල I have read and I agree to Binance Savings Service Agreement කියන එකට Tick  එකක් දාලා Confirm කියන එක දෙන්න. දැන් ඔයාලගෙ Flexible Savings එක සම්පූරනයි. 

දැන් අපි බලමු කොහොමද Locked  Savings එක කරන්නේ කියල. මෙතනදි කලින් Flexible Savings  වගේ නෙමෙයි සිද්ධ වෙන්නේ. මෙතනදි අපට දින ගනනක් ලබාදීල තියෙනවා ඒ කියන්නේ Locked  Savings එක තුල Invest කරපුවාම අදාල දින ගනන සම්පූරන උනාම තමයි අපට අදාල පොලිය ලැබෙන්නේ.ඒ වගේම තමයි මෙතනදි ලබාදෙන පොලී ප්‍රතිශතය කලින් Flexible Savings එකට වඩා වැඩි අගයක් ගන්නවා.  මෙතනදිත් අපට අවශ්‍යය වෙලාවක අපේ Coin ඉවත් කරගන්න පුලුවන් නමුත් අදාල දින ගනන සම්පූරන නැත්නම් පොලිය ලැබෙන්නේ නැහැ. හොදයි ඔයා Locked Savings එක ආරම්භ කරන්න කැමතිනම් Coin එකක් සහ කැමති දින ගනනක් තෝර ගෙන කහ පාට Subscribe Button එක Click කරන්න. දැන් ඔයාලට පහල රූපය වගේ බලාගන්න පුලුවන්. මෙතනදි ඔයාල Invest කරපු Coin එක Day Duration එක APY Tier Rate එක වගේම Summary එකත් බලාගන්න පුලුවනි. දැන් ඔයාල Subscription amount කියන තැනට කැමති ප්‍රමානයක් Add කරල I have read and I agree to Binance Savings Service Agreement කියන එකට Tick  එකක් දාලා Confirm කියන එක දෙන්න. දැන් ඔයාලගෙ Locked Savings එක සම්පූරනයි. ඒ වගේම ඔයාට කාලය සම්පූරන වෙන්න කලින් ඉවත් කරගන්න අවශ්‍යයක් මතු උනොත් ඒ දෙවල් කරගන්න Automatically renew with Flexible Savings කියන එක On කරල තියාගන්න

හොදයි මේ විදිහට තමයි Binance Savings එක සිද්ද වෙන්නේ. දැන් අපි බලමු අපේ Investment එක පෙන්වන්නෙ කොතනද කියල. ඔයාල Wallet එකට යන්න මෙතනින් Earn Wallet එක තෝරන්න දැන් මෙතනින් Savings යටතේ ඔයාලගෙ Investment එක ලැබෙන පොලිය සහ අදාල දින ගනන වගේ විස්තර බලාගන්න පුලුවන්.

අපට මේ Savings එක තුලින් ඉවත් වෙන්න අවශ්‍යය නම් ඒක සිදුකරන්නෙත් මේ Wallet එක තුලමයි. මෙතනදි ඔයාල Action යටතේ තියෙන Redeem කියන තැන Click කරන්න ඕනා.එතකොට ඔයාලට Fast redemption සහ Standard redemption විදිහට Method දෙකක් ලැබෙනවා. මෙතනින් Fast redemption එකේදි එවේලේම Coin Spot Wallet එකට ලැබෙනවා නමුත් අපි Redeem කරන දිනයට පොලිය ලැබෙන්නෙ නැහැ. Standard redemption එකේදි Redeem වෙන්න පැය 24ක් වගේ කාලයක් ගතවෙනවා. මෙතනදි Redeem කරන දිනයටත් පොලිය ලැබෙනවා. මේ විදිහට පොලිය ලැබෙන්නේ Flexible Savings එකට පමනයි. Locked  Savings එක දිනයට කලින් Redeem කලොත් මේ විදිහට පොලිය ලැබෙන්නේ නැහැ

හොදයි එහෙමනම් ඔයාලට මේ පිලිබදව පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා . තව දුරටත් ඔයාල මේ පිලිබදව දැනගන්න කැමතිනම් අපේ bitcoin sinhala YouTube Channel එකේ Binance Savings Video එකෙන් වැඩි විස්තර ලබාගන්න පුලුවන්. ඉදිරියටත් මේ වගේ වැදගත් ලිපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා දිගටම අපේ Web Site එකත් එක්ක ඒකතු වෙලා ඉන්න. තවත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු . ඔයාලට සුභ දවසක්.

Share via
Copy link
Powered by Social Snap