Binance Dual Investment Sinhala Tutorial | Lost නොවී හොද මුදලක් හොයන්න පහසුම ක්‍රමය

අද දවස වෙනකොට බොහෝ පිරිසක් Cryptocurrency Market එක තුල Invest කරන්න එකතුවෙලා ඉන්නවා. මේ අතරින් බොහෝ දෙනෙක් ලාභ වගේම පාඩු ලබනවා. ඒ කියන්නේ Cryptocurrency Market එක තුල Risk එකක් තියෙනවා. අපට මේ Cryptocurrency Market එක තුල Risk එකක් නැතුව Invest කරල Profit එකක් ගන්න බැරිද? ගොඩක් දෙනෙකුට එන ප්‍රශ්නයක් තමයි මේක ඒනිසා අද ලිපියෙන් කතාකරන්නේ Cryptocurrency Market එක තුල  Risk එකක් නැතුව Invest කරල Profit එකක් ගන්නෙ කොහොමද කියල. ඔයාල දන්නවා අපිට Cryptocurrency තුල Invest කරන්නනම් Cryptocurrency Exchange එකක් සමග එකතු වෙන්න අවශ්‍යයි කියල. මෙතනදි මම තෝර ගන්නේ ලෝකය පුරා ජනප්‍රියජනප්‍රිය Bynance Cryptocurrency Exchange එක.මේ Exchange එක තුල ක්‍රම ගනනාවකට අපට මුදල් උපයන්න පුලුවන්. මෙතනින් Spot Trading , Margin Trading , Future Trading වගේ ක්‍රම තමයිතමයි ‌ගොඩක් දෙනෙක් බාවිතා කරන්නේ. මේ ක්‍රම ගැන මම කලින් ලිපි වලින් පැහැදිලි කරල තියෙනවා ඔයාලට මේ ක්‍රම ගැන කලින් ලිපි වලින් බලාගන්න පුලුවන්. ඉතින් මේ ක්‍රම වල ලොකු Risk එකක් තියෙනවා. අපිට මේ ක්‍රම නැතුව Bynance එක තුල Risk එකක් නැතුව හොද Income එකක් ලබා ගන්න පුලුවන් විදි කීපයක්ම තියෙනවා ඉදිරියේදි මේ හැම එකක් ගැනම විස්තර අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද විස්තර කරන්නේ එක ක්‍රමයක් වුනු Dual Investment පිලිබදවයි ඉතින් මේ දේවල් කරන්නනම් ඔයාට Bynance Account එකක් තියෙන්න අවශ්‍යයි. තවමත් ඔයාට Bynance Account එකක් නැත්නම් පහල Link එකෙන් පහසුවෙන් Bynance Account එකක් හදා ගන්න පුලුවන්. 

ඔබට Polkadot(DOT) එක මිළදී ගැනීම Binance Exchange එක හරහා සිදු කල හැක. ඔබට තවමත් Binance Account එකක් නැත්නම් නිවැරදිව Binance හි Account එකක් සදා ගැනීමට පහලින් Register Binance ලබා දෙන්න.

මුලින්ම මේ සදහා Binance එකට Log In වෙලා මුලින්ම එන Home Page එකේ ඊතලයෙන් දක්වා ඇති Earn කියන Category එක මතට Mouse Cursor එක අරගෙන එන්න. පහලට Pop-up වෙන Menu එකෙන් Dual Investment කියන එක තෝරන්න   

ඔයාලට දැන් පහත රූපයේ වගේ Window එකක් බලාගන්න පුලුවන්. BTC Up-and-Exercised , USDT Down-and-Exercised සහ BUSD Down-and-Exercised විදිහට Investment ක්‍රම තුනක් දකින්න ලැබේවි.

මෙතනදී BTC Up-and-Exercised එක තුලදි සිද්ද වෙන්නේ Bitcoin එකේ අදාල Time Frame එකේදි මිල ඉහල යයි කියල අනුමාන කරල Invest කරන එකයි. මෙතනදී දින 07 ක් හෝ 14 ක් විදිහට තෝරගන්න අවස්ථාව ලබාදීල තියෙනවා. ඒ වගේම ETH , SOL , MATIC ,  ADA , BNB , DOT  , BCH  , LUN , AAVAX වගේ Coin ගනනාවක් අතරින් කැමති Coin එකක් තෝර ගන්න පුලුවනි. මේ හැම Coin එකක්ම අදාල Time Frame එකේදි මිල ඉහල යයි කියල අනුමාන කරල Invest කරන්න පුලුවන් . මෙතනදි අදාල මිලට සහ දිනගනනට ලබාදෙන වාර්ශික පොලිය ඒහෙමත් නැත්නම් APY එක සදහන් කරල තියෙනවා. මෙතනදි ඔයාල කැමති මිලක් සහ දින ගනනක් තෝරගෙන කහපාට Subscribe  Button එක උඩ Click කරන්න . ඒතකොට පහත රූපය වගේ බලාගන්න පුලුවන් මෙතනදි  ඔයාලට කැමති ප්‍රමානයක් Invest කරන්න පුලුවන්. අවම සහ උපරිම ප්‍රමානයත් මෙතන සදහන් කරල තියෙනවා. ඒ වගේම තමයි දැනට පවතින මිල ලබාදෙන පොලී ප්‍රතිශතය අපි මිල ඉහල යයි කියල සදහන් කරපු ප්‍රමානය සහ අවසන් වෙන දිනයත් බලාගන්න පුලුවන්. මෙතනදි අපි එක වතාවක් Subscribe කලොත් අවසන් වෙන දිනය දක්වා නැවත ඉවත් වෙන්න බැහැ.

හොදයි අපි මේ විදිහට Invest කරලා අදාල දින ගනන සම්පූරන උනාම අපට ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නනේ කොහොමද කියල බලමු. අපි හිතමු Bitcoin එකක් අදාල දිනගනනකදි $40,000 ට මිල ඉහල යයි කියල Invest කලා කියල අදාල දිනයේදි මිල $40,000 ට හෝ මේ ප්‍රමානයට වඩා ඉහල ගියොත් අපි Invest කල Bitcoin එක සහ ලැබෙන පොලිය ලැබෙන්නේ BUSD කියන Coin එකෙන්.

ඒ වගේම තමයි යම් අවස්තාවක අදාල දිනයට අපි සදහන් කල මිලට වඩා මිල පහල ගියොත්  අපි Invest කල Bitcoin එක සහ ලැබෙන පොලිය ලැබෙන්නේ Bitcoin  එකෙන්මයි. මෙතනදි මිල ඉහල යෑම හෝ පහල යෑම ගනනය කරන්නේ අපි තෝර ගත්ත දින ගනනේ අවසාන දිනයටයි.

USDT Down-and-Exercised සහ BUSD Down-and-Exercised ක්‍රම දෙකම ක්‍රියාත්මක වෙන්නෙ එක විදිහටමයි. කලින් වගේ අපට ලබාදීල තියෙන Coin එකක් තෝරගෙන අදාල දින ගනනකදී අපි සදහන් කරන මිල දක්වා මිල පහල යනවා කියල තමයි මෙතනදි Invest කරන්නෙ. මෙතනදි ඔයාල කැමති මිලක් සහ දින ගනනක් තෝරගෙන කහපාට Subscribe  Button එක උඩ Click කරන්න . ඒතකොට පහත රූපය වගේ බලාගන්න පුලුවන් මෙතනදි  ඔයාලට කැමති ප්‍රමානයක් Invest කරන්න පුලුවන්. අවම සහ උපරිම ප්‍රමානයත් මෙතන සදහන් කරල තියෙනවා. ඒ වගේම තමයි දැනට පවතින මිල ලබාදෙන පොලී ප්‍රතිශතය අපි මිල ඉහල යයි කියල සදහන් කරපු ප්‍රමානය සහ අවසන් වෙන දිනයත් බලාගන්න පුලුවන්. මෙතනදි අපි එක වතාවක් Subscribe කලොත් අවසන් වෙන දිනය දක්වා නැවත ඉවත් වෙන්න බැහැ.

මෙතනදි අපි BUSD Coin 100 ක් අදාල දිනගනනකදි Bitcoin එකේ මිල $20,000 ට පහල යයි කියල Invest කලා කියල අදාල දිනයේදි මිල $20,000 ට හෝ මේ ප්‍රමානයට වඩා පහල ගියොත් අපි Invest කල BUSD Coin 100 සහ ලැබෙන පොලිය ලැබෙන්නේ Bitcoin එකෙන්.

ඒ වගේම තමයි යම් අවස්තාවක අදාල දිනයට අපි සදහන් කල මිලට වඩා මිල ඉහල ගියොත්  අපි Invest කල BUSD Coin 100  සහ ලැබෙන පොලිය ලැබෙන්නේ BUSD Coin  එකෙන්මයි. මෙතනදි මිල ඉහල යෑම හෝ පහල යෑම ගනනය කරන්නේ අපි තෝර ගත්ත දින ගනනේ අවසාන දිනයටයි.

ඉතින් මේ විදිහට තමයි Binance එක තුල Dual Investment එක ක්‍රියාත්මක වෙන්නේ. ඔයාල invest කලාට පස්සේ මේ පිලිබද විස්තර බලාගන්න පුලුවන් Wallet වල තියෙන Earn කියන Wallet එකට ගිහින් Dual Investment එක තෝරලා. තව දුරටත් ඔයාල මේ පිලිබදව දැනගන්න කැමතිනම් අපේ bitcoin sinhala YouTube Channel එකේ Dual Investment Video එකෙන් වැඩි විස්තර ලබාගන්න පුලුවන්.

හොදයි එහෙමනම් ඔයාලට මේ පිලිබදව පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා . ඉදිරියටත් මේ වගේ වැදගත් ලිපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා දිගටම අපේ Web Site එකත් එක්ක ඒකතු වෙලා ඉන්න. තවත් ලිපියකින් ඉක්මනින් හමුවෙමු . ඔයාලට සුභ දවසක්.

164 views
Share via
Copy link
Powered by Social Snap